පළාත් නිශ්චිත ප්රදාන යටතේ බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර් වේද ප්රතිකාර හා සුවතා මධ්යස්ථානය සහ විශේෂඥ වෛද්ය නිල නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි.
ඒ සඳහා වැයකෙරෙන මුළු මුදල රුපියල් මිලියන 240 කි. බණ්ඩාරවෙල රෝහලේ අවශයතාවයක්ව පැවති විශේෂඥ වෛද්ය නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් රුපියල් මිලියන 103ක වියදමින් ආරම්භ කරන ලදී.


ගිය වසරේදී බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ රෝහලක් ලෙස දේශිය වෛද්ය ප්රතිකාර සඳහා ආයුර් වේද ප්රතිකාර සහ සුවතා මධ්යස්ථානය රුපියල් මිලියන 136 ප්රතිපාදන මත මේ වන විට ඉදිකරමින් පවතී.
බණ්ඩාරවෙල ප්රදේශයේ ජනතාවට ඵලදායි සෞඛ්ය සේවායක් සැලසීම වෙනුවෙන් බණ්ඩාරවෙල මුලික රෝහල සංවර්ධන කටයුතු සිදු කෙරේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර, ඌව පළාත් ප්රධාන ලේකම් අනූෂා ගෝකුල ප්රනාන්දු, ඌව පළාත් සෞඛ්ය අමාත්යංශයේ ලේකම් ජීවන්ත හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්රදේශයේ විශාල ජනතාවක් සහභාගී වූහ.